ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් ශූරතාවලිය – ශ්‍රී ලංකාවෙන් කුවේටයට දැඩි ප්‍රහාරයක්

20 වැනි ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් ශූරතාවලියේ 13 වැනි ස්ථානයේ සිට 16 වැනි ස්ථානයන් තෝරන තරග වටයේදී කුවේට් කණ්ඩායමට එරෙහිව තරග වට 3-0 ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම අද ( 18 ) සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට 13 වැනි ස්ථානය ආරක්ෂාකර ගැනීමට නම්, යළිත් ඕමාන් කණ්ඩායම සමගින් තරග වැදීමට සිදුවෙයි.

කුවේට් කණ්ඩායමට එරෙහිව අද පැවති තරගයෙන් පළමු වටය ලකුණු 25 -17 කින් පහසුවෙන්ම ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගයට සාර්ථක ආරම්භයක් ලබා ගත්හ.

දෙවැනි තරග වටය තරමක් උණුසුම් මුහුණුවරක් ගනු ලැබුවද, එම තරග වටය ද ලකුණු 25-22කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත් විය.

කුවේට් ක්‍රීඩකයන්ට කිසිසේත් හිස එසවීමට අවස්ථාවක් ලබා නොදුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තෙවැනි තරග වටයද ලකුණු 25 – 18 කින් ජය ගනිම්න් මෙවර තරගාවලියේ තෙවැනි ජයග්‍රහණය ද වාර්තා කිරීමට සමත් විය.

13 ස්ථානයේ සිට 16 වැනි ස්ථාන සදහා පැවති අනෙත් තරගයෙන් හොංකොං කණ්ඩායමට එරෙහිව තරග වට 3 – 0 ක ජයක් ලැබීමට ඕමාන් කණ්ඩායම සමත් විය.

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.