ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් ශූරතාවලිය – ශ්‍රී ලංකාව 3 – 1 කින් ඕමානය පරදයි  

20 වැනි ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් ශූරතාවලියේ ඕමාන් කණ්ඩායමට එරෙහිව පැවති තරගයෙන් තරග වට 3-1 ක ජයක් ලැබූ ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම මෙවර තරගාවලියේ දෙවැනි ජයග්‍රහණය ද වාර්තා කිරීමට අද ( 18 ) සමත් විය.

ඊයේ ( 17 ) කසකස්තාන කණ්ඩායම තරග වට 3-1 කින් පරාජය කරමින් මෙවර තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වූ අතර එකී  ජයග්‍රාහී මානසිකත්වයෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේද සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් ඕමාන් කණ්ඩායමට එරෙහිව පළමු වටය ලකුණු 33-31කින් ජය ගැනීමට සමත් විය.

<<ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් ශූරතාවලිය – පරාජයන් 3කට පසු ශ්‍රී ලංකාව පළමු ජය ලබයි>>

ඕමාන් ක්‍රීඩකයන් තරමක ප්‍රහාරාත්මක අයුරින් ක්‍රියාත්මක වීමට උත්සාහ කළද එයට හරස් වූ ශ්‍රී ලංකා ඉදිරිපෙළ ආරක්ෂක වළල්ල ඔවුන්ගේ ලකුණු ලබා ගැනීම අඩාල කළේ ශ්‍රී ලංකාවට දෙවැනි තරග වටයද ලකුණු 25 -1 9 ක ජයග්‍රහණයක් ගෙන දෙමිනි.

තෙවැනි තරග වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕමානය අතර තියුණු සටනක් දැක ගැනීමට හැකි වූ අතර එම තරග වටය ලකුණු 25 – 23 කින් ජය ගැනීමට ඕමාන ක්‍රීඩකයෝ සමත් වූහ.

කෙසේ වෙතත් ඒ වනවිටත් තරග වට 2 -1 කින් පෙරමුණ ගෙන සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ නැවතත් සුපුරුදු රිද්මයට අවතීර්ණ වෙමින් සිව්වන තරග වටය ලකුණු 25 -23 කින් ජය ගනිමින් මෙවර තරගිවලියේ දෙවැනි ජයග්‍රහණය වාර්තාකිරීමට සමත් විය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.