තිරිමාන්න සහ දසුන් පකිස්තාන සංචාරයේ වැඩ බලති

පකිස්තානයට එරෙහිව මේ මස 27 වැනිදා ආරම්භ වීමට නියමිත තරග 3කින් යුත් එක්දින තරගාවලිය සහ තරග 3කින් සමන්විත විස්සයි 20 තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිත දෙක නිල වශයෙන් අද ( 11 ) ප්‍රකාශයට පත් කළේය.

එක්දින කණ්ඩායමේ නායකත්වය ළහිරු තිරිමාන්නට හිමිව ඇති අතර, විස්සයි 20 කණ්ඩායම දසුන් ශානක විසින් මෙහෙයෙවනු ලැබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ටෙස්ට් හා එක්දින නායක දිමුත් කරුණාරත්න සිය පකිස්තාන සංචාරය ප්‍රතික්සේප කිරීමත් සමගින් ළහිරු තිරිමාන්නට එක්දින කණ්ඩායමේ නායකත්වය හිමි විය. විස්සයි 20 කණ්ඩායමේ නායක ලසිත් මාලිංග ද පකිස්තාන සංචාරය ප්‍රතික්ෂේප කිරීම නිසා දසුන් ශානකට විස්සයි 20 කණ්ඩායමේ නායකත්වය ලබා දීමට කටයුතු කළේය.

මෙහිදි ශ්‍රී ලංකා කන්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් 10 දෙනෙකුම සිය සහභාගීත්වය ප්‍රතික්ෂේප කිරීම නිසා නවතම කණ්ඩායමක් පකිස්තාන සංචාරය සදහා එක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තේය.

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම – ලහිරු තිරිමාන්න ( නායක ) ධනුෂ්ක ගුණතිලක, සදීර සමරවික්‍රම, අවිශ්ක ප්‍රනාන්දු, ඕෂධ ප්‍රනාන්දු, ෂෙහාන් ජයසූරිය, දසුන් ශානක, මිනෝද් භානුක, ඇන්ජලෝ පෙරේරා, වනිදු හසරංග, ලක්ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප්, ඉසුරු උදාන, කසුන් රාජිත, ළහිරු කුමාර

ශ්‍රී ලංකා විස්සයි 20 සංචිතය – දසුන් ශානක ( නායක ),  ධනුෂ්ක ගුණතිලක, සදීර සමරවික්‍රම, අවිශ්ක ප්‍රනාන්දු, ඕෂධ ප්‍රනාන්දු, ෂෙහාන් ජයසූරිය, මිනෝද් භානුක, ළහිරු මධුෂංක, ඇන්ජලෝ පෙරේරා, භානුක රාජපක්ෂ, වනිදු හසරංග, ලක්ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප්, ඉසුරු උදාන, කසුන් රාජිත, ළහිරු කුමාර

 

 

 

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.