තියුණු සටනකින් පසු උතුරු කොරියාව ගෝල 1-0 කින් ශ්‍රී ලංකාව පරදයි

ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසකම් ලැබීමේ තරගයක් ලෙස පැවති තරගයෙන් උතුරු කොරියාවට එරෙහිව ගෝල 1-0 කින් පරාජය වීමට ශ්‍රී ලංකාවට සිදුවිය. මෙම තරගය ඊයේ ( 10 ) කොළඹ තුරඟ තරග පිටියේදී  පැවැත්විණ.

පසුගිය වසරේ පැවැති පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී ප්‍රබල ජර්මනිය ගෝල් 2-0කින් පැරදවූ උතුරු කොරියාව වැනි කණ්ඩායමක් පාලනය කරගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත්වීම විශාල ජයග්‍රහණයකි. තරගය ආරම්භ කිරීමට කලින් උතුරු කොරියානු පාපන්දු පුහුණුකරු වැඩිපුර ගෝල් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට එරෙහිව එලල් කරන බවට පුරසාරම් දෙඩූවද ඒ සියලු අපේක්ෂා සුන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

තරගයේ පළමු භගයේදී දෙපිලම ගෝල් වාර්තා නොකළ අතර විවේකයෙන් පසුව තරගයේ 66 වැනි මිනිත්තුවේදී ගෝල් කණුව ඉදිරියේ සිට උතුරු කොරියාවේ ජන්ග් කුක් කෝල් හිසෙන් පහරක් එල්ල කොට එකම ගෝලය වාර්තා කිරීමට සමත් විය. තරගයේ 57 වැනි මිනිත්තුවේදී ශ්‍රී ලංකාවට ගෝලයක් වාර්තා කිරීමේ ආසන්න අවස්ථාවක් උදාවූ අතර දිලිප් කුරුකුලසූරියගේ උත්සහය වැලකී ගියේය..

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ දෙවැනි වටයේ ශ්‍රී ලංකාව සහභාගීවන මීළඟ තරගය ලබන මස 10 වැනිදා දකුණු කොරියාව සමග සෝල් නුවරදී පැවැත්වේ.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.