පකිස්තාන තරගාවලියට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගෙන් අකමැත්ත

මේ මස 27 වනදායින් ආරම්භ වන ශ්‍රී ලංකා පකිස්තාන් ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම සහ ක්‍රිකට් ආයතනය අතර සාකච්ඡාවක් අද ( 09 ) පැවැත්වීමට නියමිතය.

මෙයට ප්‍රධාන හේතුව ලෙස දක්වා ඇත්තේ, ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම සිය සංචාරයට එක්වීම සම්බන්ධයෙන් අකමැත්ත පළකර තිබීමත් සමගය. ඒ අනුව නායක දිමුත් කරුණාරත්න,ඇන්ජලෝ මැතිවුස්, ලසිත් මාලිංග සහ නිරෝෂන් දැක්වැල්ල  මෙලෙස සංචාරයට එක්වීමට අකමැත්ත පළකර ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ නමුත් සංචාරයට එක්වීමට පෙර පකිස්තානයේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමක් සිදු වූ අතර එහිදි ශ්‍රී ලංකා කණ්ඩායමට විශේෂ ආරක්ෂාවක් සැපයීමට ඔවුන් බලාපොරොත්තු වී සිටියි.

දෙරට අතර ඇති සම්බන්ධතාවය පුළුල් කිරිමේ අරමුණින් මෙලෙස පකිස්තානයේ ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය කැමැත්ත පලකර තිබේ. එහිදී එක්දින හා විස්සටි 20 තරගාවලි පමණක් පකිස්තානය තුළදී පැවැත්වීමට දෙරට අතර එකගතාවයකට පැමිණියේය. ඒ අනුව එක්දින තරගාවලිය පකිස්තානයේ කරච්චි නුවර පැවැත්වීමට නියමිත අතර, විස්සයි 20 තරගාවලිය ලාහෝර්හිදී පැවැත්වීමට නියමිතය

ශ්‍රී ලංකාව සහ පකිස්තාන්තානය අතර පළමු එක්දින තරගය මේ මස 27 වැනිදා කරච්චිහිදී පැවැත්වේ.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.