ස්මිත් සහ ලබුෂේන්ග් ඕස්ට්‍රේලියානු ඉනිම ගොඩ නගති

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන සිව්වන අළු බඳුන ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමු දිනය වූ ඊයේ දිනට ( 04 ) තරගය නතර කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 170 ලබා සිටියේය.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඒ අනුව ඕස්ට්‍රේලියානු ඉනිම ඇරඹූ මාකස් හැරිස්ට සහ ඩේවිඩ් වෝනර්ට ලකුණු අතරට ඒමට ස්ටුවට් බ්‍රෝඩ්ගෙන් අවස්ථාවක් හිමි නොවීය.

තුන්වන පිතිකරුවා ලෙස පිටියට පිවිසි මානස් ලැබුෂේන් පන්දු 128කදී හතරේ පහර 10ක් සමගින් ලකුණු 67ක් රැස් කිරීමට සමත් විය.

තෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා නොකළ, ස්ටිව් ස්මිත් යළිත් සුපුරුදු දක්ෂතා අතරට පිවිසෙමින් පන්දු 90 කදී හතරේ පහර 7ක් සමගින් නොදැවී ලකුණු 60ක් ලබා කඩුල්ලේ රැද සිටියේය. ඔහු හා අනෙත් අන්තයේ පන්දුවට පහර දෙමින් සිටි ට්‍රැවිස් හෙඩ් නොදැවී ලකුණු 18ක් ලබා කඩුල්ලේ රැදී සිටියේය.

පන්දු යැවීමේදී ස්ටුවට් බ්‍රෝඩ් ලකුණු 35කට කඩුලු 2ක් බිද හෙලීය.

අද ( 05 ) තරගයේ දෙවැනි දිනයයි .

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.