මාලිංග ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමට ICCයෙන් දඩ

සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවති පළමු විස්සයි 20 තරගයේදී ශ්‍රී ලකා කණ්ඩායම නියමිත වේලාවට පන්දු යවා නිම නොකිරීම හේතුවෙන් සියයට 40 ක දඩයක් පැනවීමට ජාත්‍යන්තර  ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.

ලසිත් මාලිංග සිය සිදුවූ  ප්‍රමාදය පිළිගැනීම හේතුවෙන් වැඩිදුරටත් විභාගයක් සිදු නොකිරීමට ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීතිරීති වලට අනුව නියමිත කාලයට වඩා අඩුවෙන් යවන සෑම පන්දුවාරයකටම එම තරගයෙන් සියයට 20 ක දඩයක් නියම කරනු ලබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර දෙවැනි විස්සයි 20 තරගය අද ප.ව 7ට මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.