ක්‍රීඩකයන්ගේ විශ්වාසය ඇති කරන්න මමත් පකිස්තාන සංචාරයට එක් වෙනවා – හරීන් ප්‍රනාන්දු

එළඹෙන පකිස්ථාන සංචාරය සඳහා එක් වීමට තවමත් ක්‍රීඩකයන් අතර බියක් ඇති බවත්, ඔවුන් තරගාවලියට එක් වීමට කැමැත්තෙන් සිටිනව නම් ඔවුන්ගේ විශ්වාසය ඇති කිරීම වෙනුවෙන් තමන් ද පකිස්ථාන සංචාරය සඳහා එක්වන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කර සිටියේය.

“ පකිස්තානය කියන්නේ, අපිත් එක්ක බොහෝම සමීප රටක්. නමුත් සුරංග ලක්මාල් ඉන්නේ තවමත් ලොකු භීතියකින්. එයාට එදා එහේදී වෙඩි වැදුණු කෙනෙක්. ඒ නිසා මම දන්නේ නැහැ ක්‍රිකට් ආයතනය මොන වගේ තීරණයක් ගනීද කියලා. මට මුලින්ම කීවේ තරග 3කට පමණක් සහභාගී වනවා කියලා. නමුත් දැන් තරග 6ක් සඳහා පකිස්තානයේ සංචාරය කිරීමට කැමැත්ත පළ කරලා තියෙනවා.

“  දැනට තරග සංචාරයක් යන නිසා ක්‍රීඩකයන් එක්ක මට කතා කරන්න බැරි වුණා. නමුත් සමහර ක්‍රීඩකයන් නම් මට කතා කරලා කිව්වා ගෙවල් වල අය නම් පොඩි බියකින් ඉන්නේ කියලා. කොහොම නමුත් ක්‍රීඩකයන් යනවා නම්  මමත් ඔවුන්ගේ විශ්වාසය ඇති කරන්න ඔවුන් සමග මෙම සංචාරයට එකතු වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

නවසීලන්ත සංචාරයෙන් පසුව ශ්‍රී ලංකාව එක්දින තරග 3ක් සහ විස්සයි 20 තරග 3ක් සඳහා සැප්තැම්බර් මාසයේ අවසන් සතියේදී පකිස්තානය සඳහා පිටත්ව යාමට නියමිතය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.