මහේලට එංගලන්තයෙන් පුහුණුකරු ධූරයක්

එංගලන්තයේදී පැවැත්වීමට නියමිත The Hundred ක්‍රිකට් තරගාවලියේදී Southampton කණ්ඩායමෙහි ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන පත් කිරීමට පියවර ගෙන තිබේ. මෙම තරගාවලිය ලබන වසරේ ජූලි මාසයේදී ආරම්භ වීමට නියමිතය.

මහේලගේ සහය පුහුණුකරු ලෙස හිටපු නවසිලන්ත වේගපන්දු යවන්නෙක් වන ෂේන් බොන්ඩ් කටයුතු කිරීමට නියමිතය. මීට අමතරව ජිමි ඇඩම්ස් හා එංගලන්තයේ හිටපු පන්දු රැකීමේ පුහුණුකරුවෙකු වන රිචඩ් හල්සාල් ද Southampton කණ්ඩායමේ පුහුණුකාර්ය මණ්ඩලයට එක්ව සිටිති.

Southampton කාන්තා කණ්ඩායමේ පුහුණුකරු ලෙස චාලට් එඩ්වර්ඩ්ස් කටයුතු කරන අතර කණ්ඩායමේ සභාපති ලෙස මාර්ක් නිකොලස් නම් කර තිබේ.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.