ශ්‍රී ලංකා 20-20 ක්‍රිකට් නායකත්වය කාටද?

නවසීලන්තයට එරෙහිව ලබන සැප්තැම්බර් මස 1 වැනිදා පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා පත්කිරීමේදී අර්බුදයක් ඇතිවී ඇති වබ වාර්තාවේ

ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට ක්‍රීඩකයන් කීපදෙනකු අතර සීතල යුද්ධයක් නිර්මාණ වී ඇති වී තිබේ.

කණ්ඩායමේ නායකත්වය සඳහා ලසිත් මාලිංග වෙත ඇරයුම් කර ඇතිබවට ආරංචි පැතිරුණු අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන තොරතුරු අනුව එවැන්නක් තවම තීරණය කර නොමැත.

මේ අතර නායකත්වය සඳහා කුසල් පෙරේරා ගේ නම මෙන්ම නිරෝෂන් දික්වල්ලගේ නමද යෝජනා වී ඇති ඇති බව වාර්තාවේ.

විස්සයි විස්ස තරග සඳහා තරග වදින ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් සමන්විත නවසීලන්ත විස්සයි විස්ස සංචිතය  ප්‍රකාශයට පත් කර තිබේ. එහි නායකත්වය සඳහා ටීම් සවුති පත්කර ඇත.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.