ශ්‍රී ලංකා හෑන්ඩ් බෝල් -විදෙස් පුහුණුකරුවන් සමඟින් සාෆ් පදක්කම් බලාපොරොත්තුවක්

විදෙස් පුහුණු කරුවන් දෙදෙනෙකුගේ සේවය ලබාගනිමින් එළඹෙන දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියේදී පදක්කමක් දිනා ගැනීමට සැලසුම් කරන බව ශ්‍රී ලංකා හෑන්ඩ් බෝල් සංගමය ශ්‍රී ලංකා හෑන්ඩ් බෝල් සංගමයේ සභාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු පවසයි.

ජාතික කණ්ඩායමේ පුහුණු කටයුතු සඳහා සර්බියානු ජාතික පුහුණුකරුවන් දෙදෙනෙකුගේ සේවය ලබාගැනීම පිළිබඳව කරුණු දැකිවීම සඳහා කැඳවා (08) තිබු මාධ්‍ය හමුවේදීමේ බව පැවසිය

” ඔවුන් පැමිණ දින කිහිපයක් ඇතුළත ජාතික සංචිතයේ කාර්යසාධනයේ කැපී පෙනෙන දියුණුවක් දක්නට ලැබිල තියෙනවා “අපගේ ජාතික කණ්ඩායම පුහුණු කිරීම සඳහා විශේෂ දැනුම් ඇති පිරිසකගේ සේවය ලබා දීමෙන් සංවර්ධනය සඳහා අපට සහාය වන ලෙස අපි දීර්ග කාලයක් තිස්සේ ජාත්‍යන්තර අත්පන්දු සම්මේලනයෙන් ඉල්ලා සිටියා . අපගේ ඉල්ලීම ඉටු කිරීම සහ එය යථාර්ථයක් බවට පත් කිරීම සඳහා පෞද්ගලික උනන්දුවක් දැක්වීම ගැන ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වාට  ස්තුතිය පලකල යුතු බව මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු වැඩි දුරටත් පැවසිය .

ක්‍රීඩා අමාත්‍යාංශය ද අපට විවිධාකාරයෙන් සහයෝගය ලබා දී තිබේ. පනාගොඩ නේවාසිකව පුහුණුව ලබමින් සිටින ජාතික පිරිමි සංචිතය පුහුණු කිරීම සඳහා සර්බියානු පුහුණුකරුවන් සිටීම දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී පදක්කමක් දිනා ගැනීමේ අවස්ථාව මෙන්ම ක්‍රීඩාව දිවයින පුරා ප්‍රවර්ධනය කිරීම සඳහා විශාල රුකුලක් වේ ”යැයි මේජර් ජෙනරාල් ප්‍රනාන්දු විශ්වාසය පල කරයි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.