රෝහිත් සහ කෝලි ගැටුම් වැනි කතා වසර 20 කින් වත් නවතින්නේ නැහැ -සුනිල් ගවස්කාර්

ඉන්දීය නායක විරාත් කෝලි සහ උප නායක රෝහිත් ෂර්මා අතර මතභේදය  වැනි කතා  වසර 20 කින් අවසන් නොවන බව ඉන්දීය හිටපු නායක සුනිල් ගවස්කාර් පවසා තිබේ.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම බලා පිටත්ව යාමට පෙර රෝහිත් ෂර්මා සමඟ ඇති වූ ආරවුලක් පිළිබඳ කටකතා ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලි විසින් ප්‍රතික්ෂේප කරන ලද නමුත් සුනිල් ගවස්කාර් කියා සිටියේ එම කතාව පහව යා නොහැකි බවයි.

“මගේ මතය අනුව, එවැනි දේ හුදු පිස්සුවකි. එවැනි බොරු අප අවිචාරවත් ලෙස ප්‍රවර්ධනය නොකළ යුතුය. කරුණු පමණක් පිළිගන්න.”

“විරාත් කෝලි සහ රෝහිත් ෂර්මා පිළබඳව කටකතාව පැතිරවූ තැනැත්තා ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන අයෙක් නොවන බව සුනිල් ගවස්කාර් වැඩිදුරටත් පවසයි.

2019 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තය හමුවේ ලද පරාජයත් සමගින් විරාත් කෝලි සහ රෝහිත් ෂර්මා අතර මතභේද හටගෙන ඇති බවට වාර්තා පලවිය.

කෙසේවෙතත් එක්සත් ජනපද හා බටහිර ඉන්දීය කොදෙව් සංචාරයකට පැය කිහිපයකට පෙර විරාත් කෝලි සහ ඉන්දීය පුහුණුකරු රවී ශාස්ත්‍රි මාධ්‍ය අමතා පැතිර යන කට කතා පිළබඳව අදහස් දක්වමින් පවසා සිටියේ එවැන්නක් නැති බවයි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.