පාලකයන්ගේ වරදින්, යොවුන් රග්බි කණ්ඩායමට ආසියානු රග්බි තරගාවලිය මග හැරෙයිද ?

මේ මස අගභාගයේදී  ලාඕසයේදී ආරම්භ වීමට නියමිත වයස අවුරු 20න් පහළ ආසියානු රග්බි සෙවන්ස් තරගාවලිය සමගාමිව ශ්‍රී ලංකා සංචිතය ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය අපොහොසත්වීම හේතුවෙන් එම තරගාවලියට ඉදිරිපත් වීමට තිබූ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමිව යනු ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

විශ්වාසදායක ආරංචි මාර්ග වලට අනුව කණිෂ්ට තරගාවලි සඳහා ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා  රග්බි සංගමයේ අරමුදල් නොමැති වීම මෙම ප්‍රශ්නයට ප්‍රධාන හේතුව බව පෙන්වා දී තිබේ. මේ හේතුවෙන් ශ්‍රී ලංකා වයස 18න් පහළ කාණ්ඩයේ පැවැත්වෙන තරගාවලියටද ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරිපත් වීමට තිබූ  අවස්ථාව ද අහිමිව යනු ඇත.

කෙවින් ඩික්සන්ගේ නායකත්වයෙන් යුතුව 2016 වසරේදී ශ්‍රී ලංකා යොවුන් රග්බි කණ්ඩායම ශූරතාවය දිනාගත් අතර 2017 වසරේදී නවීන් හේනකන්කානම්ගේ නායකත්වයෙන් යුතුව ශ්‍රී ලංකා කණ්ඩායම අනුශූරතාවය දිනා ගත්තේය.

මේ හේතුවෙන් තරුණ ක්‍රීඩකයන්ගේ ජවය ජාත්‍යන්තර මට්ටමින් පෙන්වීමට තිබූ කදිම අවස්ථාවක් මගහැරී යත්ම මෙයට ඉක්මනින් පියවරක් ගැනීම ශ්‍රී ලංකා රග්බි සංගමයේ යුතුකමක් නොවේද ?

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.