නුවන් කුලසේකරට ක්‍රිකට් ආයතනයෙන් ආරාධනයක්

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින තරගය මේ මස 31 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය. ඒ අනුව පසුගියදා ජාත්‍යන්කර ක්‍රිකට් පිටියෙන් සමුගත් නුවන් කුලසේකර වෙනුවෙන් එදින උපහාර උළෙලක් පැවැත්වීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නුවන් කුලසේකරට මෙම තරගයට පැමිණෙන ලෙස ආරාධානාවක් ද කර ඇත.

එම නිවේදනය ඔස්සේ  ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ශම්මි සිල්වා මහතා නුවන් කුලසේකරගේ ඉදිරි අනාගතයට සුබ පැතුම්ද එක්කර තිබුණි.

නුවන් කුලසේකර ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි ඉතා වැදගත් ක්‍රීඩකයෙකු වන අතර ඔහු ජාතික කණ්ඩායම සමඟ සිටි කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළා. ඔහු පිටියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදුන් දායකත්වය ජාතික කණ්ඩායමට විශාල සාර්ථකත්වයක් ගෙනදුන්නා.. මම ඔහුට ඉදිරියට යාමට සුබ පතමි! “

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.