රටවල් 16ක් පොර බදින දැල්පන්දු ලෝක කුසලානයේ වගතුග

 

ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය අද (12) එංගලන්තයේ ලිවර්පූල් හිදී ඇති උත්කර්ශවත් ආකාරයෙන් ආරම්භවීමට නියමිතයි.

ඕනෑම ලෝක කුසලාන තරගාවලියක එම තරගාවලිය වෙනුවෙන් පිරිනමනු ලබන කුසලානයට හිමිවන්නේ වැදගත් තැනක් බව කවුරුත් දන්නා කරුණකි.

රටවල් 16ක තරගවදින 2019 ලෝක කුසලාන දැල්පන්දු තරගාවලය සඳහා පිරිනමන කුසලානය පිළිබඳව යමක් සටහන් කිරීම කාලෝචිතය.

මෙම කුසලානය දැල්පන්දු ක්‍රීඩාවේ භාවිතාවන රන් සහ රිදී මිශ්‍ර දැලක් ලෙස සකසන ලද රඳවනයක රිදී පැහැති ගෝලයක් සහසා ඇත. දල්පන්දුවක් දැල්පන්දු ක්‍රීඩාවේ භාවිතාවන දැලකට පතිතවීම ඉන් පිළිබිඹු කෙරේ.

මෙම කුසලානය බර්මින්හැම් හි ශිල්පී මාකස් ස්ටීල් විසින් නිර්මාණය කරන ලද අතර 1995 නෙට්බෝල් ලෝක කුසලානයේදී ප්‍රථම වරට ලොවට එළිදක්වන ලදී. කුසලානය තරඟාවලියට හඳුන්වා දීමෙන් පිළිබිඹු වූයේ ගෝලීය ක්‍රීඩා පිටියේ නෙට්බෝල් ක්‍රීඩාවේ තත්වයෙහි සැලකිය යුතු වෙනසක් ඇති කරමිනි .

2015 සිඩ්නි නුවර පැවති දැල්පන්දු ලෝක කුසලානයට හිමිකම් කි ඕස්ට්‍රේලියාව

1995 දී, ලෝක දැල්පන්දු තරගාවලිය ” ශූරතාවලියේ” සිට ලෝක කුසලානයක් දක්වා ඉදිරියට ගිය අතර අනෙකුත් ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව්වලට අනුකූලව එම වෙනස දැල්පන්දු ක්‍රීඩාවටද කරනු ලැබිය.

මෙතෙක් ලෝක කුසලානයට හිමිකම් කි රටවල්

1995 එංගලන්තයේ බර්මින්හැම්හිදී – ඕස්ට්‍රේලියාව
1999 නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් හිදී – ඕස්ට්‍රේලියාව
2003 ජැමෙයිකාවේ කිංස්ටන්හිදී – නවසීලන්තය
2007 නවසීලන්තයේ ඕක්ලන්ඩ් හිදී – ඕස්ට්‍රේලියාව
2011 සිංගප්පූරුවේදී – ඕස්ට්‍රේලියාව විසින්
2015 ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර – ඕස්ට්‍රේලියාව

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.