ක්‍රිකට් වෝහාරික විගණනයේ නිර්දේශ ක්‍රියාත්මක නොකරන බවට ක්‍රීඩා ඇමතිට චෝදනා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2016-2018 කාලය තුළ සිදුවූ ගනුදෙනු ඇතුළු කරුණු 21ක් සම්බන්ධයෙන් වෝහාරික විගණනය ක් ආරම්භ කර තිබුණි.

විගණන දෙපාර්තමේන්තුව ලබාදුන් එම වෝහාරික විගණනයේ නිර්දේශ යළිත් සලකා බලා ඊට අවශ්‍ය පියවර ගැනීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට අමාත්‍යවරයාගේ අවධානය යොමුව තිබුණි.

එවැනි පසුබිමක් මධ්‍යයේ පවා එහි නිර්දේශ සලකා බැලීමට යළිත් ත්‍රිපුද්ගල කමිටුවකට ලබාදීමෙන් ක්‍රීඩා අමාත්‍යවරයා එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීම හේතුවක් නොමැතිවම ප්‍රමාද කරන බව ක්‍රිකට් ක්ෂේත්‍රයේ පිරිසක් ඇමැතිවරයාට චෝදනා කරති.

මාස 06කට වැඩි කාලයක් ලබාගෙන කරුණු සොයා බලා විගණන දෙපාර්තමේන්තුව වෝහාරික විගණනයේ අවසන් වාර්තාවක් නිර්දේශ සමගින් සකසා ක්‍රීඩා අමාත්‍යවරයාට ලබාදීමට පියවර ගත්තේය.ඒ අනුව අදාළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෝහාරික විගණනයේ වාර්තාව පෙරේදා (06දා) ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු වෙත බාර දී තිබේ.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සනාථ කර තිබේ.

අදාළ වාර්තාව පිළිබඳව සහ එහි අඩංගු කරුණු සම්බන්ධයෙන් අනාවරණය කිරීම සඳහා මාධ්‍ය හමුවක් අද (08) ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.