හතුරුසිංහගේ ඉවත් කිරීම ගැන ක්‍රිකට් සභාපති පිළිතුරු දෙයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය දැරූ චන්දික හතුරුසිංහ මහතා සිය ධූරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ඊයේ ( 07 ) තරගාවලිය හදුන්වා දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යෙව්දීන් රැසක් ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනයේ සභාපති ශම්මි සිල්වා මහතාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කර සිටියේය.

එහිදී ශම්මි සිල්වා මහතා කියා සිටියේ ඉකුත් කාල සීමාව තුළදී චන්දික හතුරුසිංහ මහතා ඔහුගේ කාර්යසාධන අපේක්ෂිත මට්ටම පෙන්වීමට අපොහොසත් වී ඇති බවයි.

හතුරුසිංහගේ ගිවිසුම කඩවීමත් සමග ඔහුට වන්දි ගෙවීමට සිදුවේද යන ප්‍රශ්නයට ශම්මි සිල්වා මහතා කියා සිටියේ,

“ ක්‍රිකට් එක දිහා බැලුවම ලෝක කුසලානයෙන් පස්සේ, බංග්ලාදේශයේ පුහුණුකරු මණ්ඩලය ඉවත් කළා. එතකොට දකුණු අප්‍රිකාවේ ප්‍රධාන පුහුණුකරු ඔටිප් ගිබ්සන්ව අයින් කළා. එතකොට පකිස්තානයේ මිකි ආතර් එක්ක එයාලා කතා කරලා එයාලගේ කන්ට්‍රෑක් එක දීර්ඝ නොකිරීමට තීරණය කළා. ඒ හින්දා අපිත් හතුරුසංහ මහතාට ඕන තරම් කාලයක් දීලා තියෙනවා. නමුත් අපෙනුත් යම් අතපසුවීම් වුණා. ඒ නිසා ක්‍රිකට් එක නැවත උඩට ගන්න නම් මේ අතපසුවීම් නැවත නිවරදි කරන්න ඕන. ඒ නිසා අපිට පුහුණුකරු  බේරගෙන ක්‍රිකට් එක වැටෙන්න දෙන්න බෑනේ. අපි ලෝකේ ඉන්න හොඳම පුහුණුකරුවෝ ටික ගන්නේ. නමුත් ඔවුන්ගෙන් ඒ සේවය ලැබෙන්නේ නැත්නම් එතන ගැටලුවක් තියෙනවා. අපි හතුරිසංහගේ ඉවත් කිරීම නීති උපදේශකයින්ගෙන් උපදෙස් අරගෙන කරන්නේ. අපිට ක්‍රිකට් දිගටම පැරදි පැරදි ගිහිල්ලා ලොකු ගාණක් පාඩු වෙනවද?…ඕකේ දෙකෙන් එකක් අපි තීරණය කරන්න වෙනවා. අපේ ප්‍රධාන අරමුණ ක්‍රිකට් ක්‍රීඩාව.” බව පවසා සිටියේය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.