ඔස්ට්‍රේලියා ෆෝමියුලා වන් තරගය අත්හැර දමයි

ඔස්ට්‍රේලියානු ෆෝමියුලා වන් තරගය අත්හැර දැමීමට තරග සංවිධායකනයන් කටයුතු කර තිබේ.

මෙම සති අන්තයේදී තරගය පැවැත්වීමට නියමිතව තිබුණත් මැක්ලරන් කණ්ඩායමේ සාමාජිකයෙකුට කොවිඩ් 19 වැළදී ඇතැයි තහවුරු වීම හේතුවෙන් මෙසේ තරගාවලිය අත්හැර දැමීමට කටයුතු කර තිබේ.

අද අලුයමදී තරගය අවලංගු කිරීමට තීරණය කළේය. මේ අතර ලබන සති අන්තයේදී පැවැත්වීමට නියමිත බහරේන් ෆෝමියුලා වන් තරගයද ප්‍රේක්ෂකයන් නොමැතිව පැවැත්වීමට තරග සංවිධායකන් තීරණය කර තිබේ.

මැක්ලරන් කණ්ඩායමේ සාමාජිකයාට කොවිඩ් වැළදීම නිසා එම කණ්ඩායමේ සියලුම සාමාජිකයන් තමන් නැවැතී සිටින හෝටලයේ සිටම නිරෝධායනයට කටයුතු කර තිබේ.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.