එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයන් අතට අත දීම නවතයි

ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට එක්වන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම තම සංචාරය අතරතුර අතට -අත දී ආචාර කිරීමෙන් වැලකි සිටීමට තීරණය කර තිබෙන බවට සැලයි .

ටෙස්ට් තරග දෙකකට සහභාගිවීම සඳහා එංගලන්ත කණ්ඩායම දැනටමත් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඒ මේ දිනවල ලෝකය පුරා පැතිර යන කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීමේ පියවරක් ලෙසයි.

මෑතදී දකුණු අප්‍රිකානු සංචාරයේදී එංගලන්ත ක්‍රීඩකයින්ට ආමාශ ආශ්‍රිත රෝග සහ උණ ආබාධ ඇති වූ අතර එහිදී ඔවුන් ආචාර කරීමට භාවිතා කලේ අතේ ඇගිලි නවා එකතුකරගෙනය.

” සංචාරය අතරතුරදී අපගේ දෑත් සැමවිටම පිරිසිදුව තබාගැනීම සඳහා විෂබීජ නාශක දියර වලින් සේදීමට අපි බලාපොරොත්තුවෙනවා. ඒවගේම අතට ඇත දීමෙන් වැලකි සිටීමටද පියවර ගන්නවා ” එංගලන්ත නායක ජෝ රූට් ප්‍රකාශ කළේය

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.