මෙවර පැවති අන්තර් විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙල නිමාවට පත්වූයේ ලකුණු 356ක් ලබාගත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සමස්ත ශූරතාව හිමිකර දෙමිනි. ඔවුන්ට කරට කර තරගයක් ලබාදුන් කොළඹ විශ්ව විද්‍යාලය සමස්ත ලකුණු 316.5ක් හිමිකර ගනිමින් අනුශූරතාව දිනා ගැනීමට සමත් විය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මෙම ශූරතාව පිට පිට දෙවැනි වතවාටත් දිනා ගැනීම කාගේත් අවධානයට යොමුවිය.
මෙවර තරගාවලිය සඳහා දිවයිනපුරා විසිරී තිබෙන රාජ්‍ය විශ්ව විද්‍යාල 14කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7000ක් පමණ සහභාගී වූහ.
කැළණිය විශ්ව විද්‍යාලයට කරට කර තරගයක් ලබා දෙමින් ලකුණු 288.5ක් හිමිකර ගත් මොරටුව විශ්ව විද්‍යාලය මෙවර තරගාවලියේ තෙවැනි ස්ථානය දිනාගත්තේය. ඒ අනුව කැළණිය විශ්ව විද්‍යාලය සහ පේරාදෙණිය යන විශ්ව විද්‍යාලය පිළිවෙලින් සිව්වන සහ පස්වන ස්ථාන දිනා ගත්තේය.
තරගාවලියේ සමාප්ති උළෙල සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන්ම එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රීඩා සමාජයේ වත්මන් සභාපති කුමාර් සංගක්කාර සහභාගී වූහ.

Be the first to comment