ඉසුරු උදානට දකුණු අප්‍රිකානු කණ්ඩායමකින් ඇරයුම්

මෙම වසරේ මුල් භාගයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව විශිෂ්ට දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදානට දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන එම්සන්සි සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වීමට අවස්ථාව හිමිව තිබේ.

පාල් රොක්ස් කණ්ඩායම නියෝජනය කළ ඩේවිඩ් විලී විශේෂ හේතුවක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත්ව ඇති අතර ඒ අනුව පාල් රොක්ස් කණ්ඩායමේ  විදේශිය ක්‍රීඩකයා ලෙස ඉසුරු උදාන කණ්ඩායමට එක් කිරීමට පියවර ගෙන තිබේ.

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරග 5කින් යුත් එක්දින තරගාවලියේදී 55ක පිතිකරණ සාමාන්‍යයක් පවත්වා ගැනීමත් විස්සයි 20 තරගාවලියේදී ද දක්ෂතා අතරට පැමිණිම හේතුවෙන් ඔහුව මෙම තරගාවලියට තෝරා ගැනීමට විශේෂ අවධානය යොමුව තිබේ. එහිදී ඉසුරු උදාන විසින් තම එක්දින හා විස්සයි 20 දිවියේ හොඳම ඉනිම් දෙක වාර්තා කිරීමට සමත් වූයේ ද දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති මෙම තරගාවලියේදී ය.

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.