ශ්‍රී ලංකා – බංග්ලාදේශ සිව්දින තරගය ජය පැරදුමෙන් තොරයි

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ බංග්ලාදේශ නැගී එන කණ්ඩායම අතර බංග්ලාදේශයේ කුල්නාහි පැවති සිව්දින නිල නොවන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අද ( 30 ) නිමාවට පත්විය.

කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ නැගී එන කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 360 ක් රැස් කිරීමට සමත් විය. බංග්ලාදේශ පළමු ඉනිමේ නැංගුරම බවට පත් වූ නායක නජ්මුල් හොසේන් ෂැන්ටෝ පන්දු 269කදී හයේ පහරක් සහ හතරේ පහර 13ක් සමගින් ලකුණු 133ක් රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී රමේෂ් මෙන්ඩිස් ලකුණු 73කට කඩුලු 4ක් බිද හෙලූ අතර ඔහුට අනගි සහයක් ලබාදුන් කළණ පෙරේරා සහ අසිත ප්‍රනාන්දු අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියහ.

බංග්ලාදේශ නැගී එන පිල පළමු ඉනිමට රැස්කළ ලකුණු 360ට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 244ක් පමණි. ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන්ගෙන් කණ්ඩායමට සහයෝගයක් නොලැබීම හේතුවෙන් 6වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි අශේන් බණ්ඩාර පන්දු 256 කදී ලකුණු 85ක් රැස් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව ඉදිරියට ගෙන යාමට කටයුතු කළේය.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ නයීම් හසන් ලකුණු 93කට කඩුලු 7ක් සහ ෂෆියුල් ඉස්ලාම් ලකුණු 59කට කඩුලු 2 බැගින් බිද හෙලූහ.

ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 116ක් ඉදිරියෙන් සිට යළිත් දෙවැනි ඉනිම ඇරඹූ බංග්ලදේශ නැගී එන කණ්ඩායමට තරගය නතර කරන විට දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී ලකුණු 102ක් ලබා සිටියේය.

බංග්ලාදේශ නැගී එන පිලේ පළමු ඉනිම – සියලු දෙනා දැවී 360
(සයිෆ් හසන් 18, නජ්මුල් හොසේන් 133, අෆීෆ් හොසේන් 54, සාකිර් හසන් 49, නයීම් හසන් 36, තන්වීර් ඉස්ලාම් නොදැවී 16, රමේෂ් මෙන්ඩිස් 73/4, කළණ පෙරේරා 62/2, අසිත ප්‍රනාන්දු 74/2)

ශ්‍රී ලංකා නැගී එන පිලේ පළමු ඉනිම – සියලු දෙනා දැවී ලකුණු 244
(පැතුම් නිස්සංක 16, චරිත් අසලංක 18, ප්‍රමෝද් මධුවන්ත 40, අෂේන් බණ්ඩාර 85, රමේෂ් මෙන්ඩිස් 18, නයීම් හසන් 93/7)

බංග්ලාදේශ නැගී එන පිලේ දෙවැනි ඉනිම – කඩුලු 4කට ලකුණු 102

( සයිෆ් හසන් නොදැවී 40, සකීර් හසන් නොදැවී 25, නජිබුල් හොසේන් 25, නිෂාන් පීරිස් 43/3 )

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.