විලියම්සන්ට සහ බෝල්ට විස්සයි 20 තරගාවලියේදී විවේකයක්

ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි 20 තරගාවලියේදී නවසීලනත්ත කණ්ඩායමේ නායක කේන් විලියම්සන් සහ වේග පන්දු යවන ක්‍රීඩක ට්‍රේන්ට් බෝල්ට් විවේක ගැන්වීමට එරට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ඒ අනුව නවසීලන්ත කණ්ඩායම මෙහෙයවීමේ වගකීම වේග පන්දු යවන ක්‍රීඩක ටිම් සවුතිට පැවරෙනු ඇත.

පසුගියදා නිමාවට පත් වූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී නායක කෙන් විලියම්සන් සහ ට්‍රේන්ට් බෝල්ට් කණ්ඩායමට විශේෂ දායකත්වයක් ලබාදුන් බවත්, ඒ අනුව දීර්ඝ තරගාවලියකින් පසු ඔවුන්ට විවේකයක් ලබාදීමේ අරමුණින් විස්සයි 20 සංචිතයට එක් නොකළ බව නවසීලන්ත තේරීම් කමිටුවේ ප්‍රධානි ගේවින් ලාර්සන් ප්‍රකාශ කර තිබේ.

ටිම් සවුති සමගින් විශේෂඥ දග පන්දු යවන්නන් තිදෙනෙකු වන ඉෂ් සෝධි, මිචෙල් සැන්ටර් සහ ටොඩ් ඇස්ටල් කණ්ඩායමේ පන්දු යවන්නන් ලෙස කටයුතු කරනු ලැබේ.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු විස්සයි 20 තරගය ලබන සැප්තැම්බර් මස 1 වැනිදා මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

නවසීලන්ත විස්සයි 20 සංචිතය – ටිම් සවුති ( නායක ), ටොඩ් අස්ට්ල්, ටොම් බ්රුස්, කෝලින් ද ග්‍රෑන්ඩ්හෝම්, ලොකී ෆර්ගිවුසන්, මාටින් ගප්ටිල්, ස්කොට් කග්ලෙජින්, ඩැරල් මිචෙල්, කෝලින් මන්රෝ, සෙත් රාන්ස්, මිචෙල් සැන්ටර්, ටිම් සෙයිෆර්ට්, ඉෂ් සොධි, රොස් ටේලර්

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.