ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමේ නායකත්වය අශාන් ප්‍රියංජනට

සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව  අද (08 දා) ආරම්භ වීමට නියමිත තෙදින පුහුණු තරගයේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමේ නායකත්වය අශාන් ප්‍රියංජනට හිමිව තිබේ. මෙම තරගය  කටුනායක මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

එළැඹෙන ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද සංචිතයේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු මෙම පුහුණු තරගයට  ඇතුළත්ව සිටින අතර ධනුෂ්ක ගුණතිලක, ඕෂධ ප්‍රනාන්දු, ඇන්ජලෝ පෙරේරා, චාමික කරුණාරත්න සහ අසිත ප්‍රනාන්දු යන ක්‍රීඩකයෝ මෙලෙස ඇතුළත්ව සිටිති.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම – අශාන් ප්‍රියන්ජන (නායක), ධනුෂ්ක ගුණතිලක, සධීර සමරවික්‍රම, ඕෂධ ප්‍රනාන්දු, පැතුම් නිස්සංක, භානුක රාජපක්ෂ, ඇන්ජලෝ පෙරේරා, මිනෝද් භානුක, චාමික කරුණාරත්න, අසිත ප්‍රනාන්දු, මොහොමඩ් ශිරාස්, ජෙෆ්රි වැන්ඩර්සි, අමිල අපෝන්සු, වනිඳු හසරංග, නිසල් තාරක.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.