කණිෂ්ට ක්‍රීඩකයන්ගේ වොලිබෝල් සිහිනය මෙවරත් බිද වැටෙයි

තෙවැනි වරටත් පවත්වනු ලබන ආසියානු කුසලාන වයස 23 න් පහළ වොලිබෝල් ශූරතාවලියේ ශ්‍රී ලංකාව සහ චීන තායිපේ  අතර තරගයෙන් තරග වට 3 – 0 ක පරාජයක් ලැබූ ශ්‍රී ලංකා කණිෂ්ට වොලිබෝල් කණ්ඩායමට අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට තිබූ අවස්ථාව අහිමි විය.

තියුණු සටනකින් පසු ලකුණු 26 – 24 කින් පළමු වටය ජයගත් චින තායිපේ කණ්ඩායම දෙවැනි වටයද ලකුණු 25 – 23 කින් ජය ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් චීන තායිපේ ක්‍රීඩකයන්ට තියුණු සටනක් ලබා දුන්නද, එය අවසානය තෙක් රදවා ගැනීමට අපොහොසත් වීම නිසා තෙවැනි තරග වටයද ලකුණු 26 – 24 කින් පරාජය වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සිදුවිය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.