ස්ටේන් ටෙස්ට් පිටියට සමුදෙයි

දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන් ටෙස්ට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබේ. ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ තවදුරටත් එක්දින හා විස්සයි 20 තරග සඳහා ඔහුගේ දායකත්වය කණ්ඩායමට ලබා දීමේ අරමුණින් යුතුවය.

දැනට 36 වැනි වියේ පසුවන ස්ටේන් 2004 වසරේ එංගලන්තයට එරෙහිව ටෙස්ට් වරම් දිනා ගත්තේය. වසර 15 ක ටෙස්ට් ක්‍රිකට් දිවියට සමුදෙන විට තරග 93කදී කඩුලු 439ක් බිද හෙලා ඇත.

පසුගියදා නිමාව දුටු ලෝක කුසලාන ක්‍රිකට් සංචිතයේ රැදී සිටියද උරහිසේ ආබාධයට ලක්වීම හේතුවෙන් එකදු තරගයක්වත් ක්‍රීඩා කිරීමට ස්ටේන්ට අවස්ථාව හිමි නොවූහ.

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.