පාසල් බොක්සිං ක්‍රීඩක අශාන්, කුවේටයේ ඕමාර් පරදයි

ආසියානු බොක්සිං සම්මේලනය පළමු වරට සංවිධානය කරන පාසල් බොක්සිං ශූරතාවලියේ සැහැල්ලු බර කාණ්ඩයෙන් තරග වැදි ශ්‍රී ලංකාවේ අශාන් තලේවෙලගෙදර කුවේටයේ ඕමාර් ඇලොටයිබි පරාජය කිරීමට සමත් විය.

මෙම තරගාවලිය මේ මස 9 වැනිදා දක්වා කුවේටයේ සත්කාරකත්වයෙන් පැවැත්වේ.

මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩකයන් 6 දෙනෙකු ඉදිරිපත් වී ඇති අතර, ඒ අතර මහානාම විද්‍යාලයේ දුල්රාන් වීරසංහ, මහානාම විද්‍යාලයේ දුලාජ් වීරසිංහ, ධීරානන්ද මහා විද්‍යාලයේ ඒ.එස් ප්‍රේමතිලක, පේරාදෙණිය මධ්‍ය විද්‍යාලයේ ටී. ඩී දිසානායක, ධීරානන්ද විද්‍යාලයේ කේ. එම් කරුණාසිංහ සහ වේයන්ගොඩ මධ්‍ය මහ විද්‍යාලයේ ටී.එස් රෙමාන් යන ක්‍රීඩකයෝ වෙති.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.