නවසීලන්තයට එරෙහිව එන ශ්‍රී ලංකා දග පන්දු බල ඇණිය ගැන දිමුත් කතා කරයි

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ශ්‍රී ලංකාව කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය මේ මස 14 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. බංග්ලදේශ කණ්ඩායමට එරෙහිව තරග 3-0 කින් එක්දින තරගාවලිය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන ටෙස්ට් තරගාවලිය සඳහා හොඳ මානසිකත්වයකින් පසුවන බව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ඊයේ ( 31 ) මාධ්‍ය හමුවට එක් වෙමින් පවසා සිටියේය.

එහිදී මාධ්‍යවේදියෙකු යොමුකළ ප්‍රශ්නයකට  පිළිතුරු දෙමින් දිමුත් කරුණාරත්න පවසා සිටියේ මේ වනවිට කණ්ඩායෙම් රැදීමට සියල්ලටම විශාල මහන්සියක් දැරීමට සිදුව ඇති බවයි. තරගයකට ක්‍රීඩා කරන අවසන් 11 දෙනාට අමතරව ඔවුන්ට සමාන දක්ෂතා ඇති තවත් ක්‍රීඩකයන් රැසක් අතිරේක ක්‍රීඩකයන් ලෙස බංකුවේ රැදී සිටීමට සිදුව ඇති බවත් ඒ නිසා තමන්ට ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගත යුතු බවත් ඔහු කියා සිටියේය.

“අපගේ ටෙස්ට් සංචිතයේ ඇඹුල්දෙණිය ඉන්නවා. ඒ වගේම ඔහු දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගාවලිය හොදින්ම කළා. ඒ වගේම නැගී එන කණ්ඩායමත් සමගින් එක් වෙමින් ඔහු උපරිම දක්ෂතා දක්වලා තියෙනවා. ඒ නිසා ටෙස්ට් කණ්ඩායමේ ඔහුට ස්ථානයක් හිමිවේවි. නමුත් දිල්රුවන් මේ වනවිට ආබාධයකට ලක්වෙලා ඉන්නේ . ඒ නිසා අකිල ධනංජයටත් මෙම තරගාවලියට එක් වීමට අවස්ථාවක් තියෙනවා. යැයි දිමුත් කරුණාරත්න වැඩිදුරටත් පවසා සිටියේය.

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.