#ශතකලාභී #ඩොට්බෝල්ස්

සටහන දිනෙශ් උපෙන්ද්‍ර්
අපිට වැරදුණේ කොතනද? සරළයි.. මෙන්න බලන්න..
මෙවර ලෝක කුසලානයේ 1-10 පන්දුවාර තුළ දළ ලකුණු වේගය (ජූනි 28 වනවිට)
ශ්‍රී ලංකාව – 6.64
බංග්ලාදේශය – 5.48
එංගලන්තය – 5.34
ඕස්ට්‍රේලියාව – 5.10
පාකිස්තානය – 5.07
නවසීලන්තය – 5.02
කොදෙව් – 4.77
ඇෆ්ගන් – 4.57
ඉන්දියාව – 4.32
ද. අප්‍රිකාව – 4.21

එහෙනම් දැන් බලමු පන්දුවාර 11-40 පන්දුවාර තුල දළ ලකුණු වේගය..
ඕස්ට්‍රේලියාව – 6.12
එංගලන්තය – 6.04
බංග්ලාදේශය – 5.94
කොදෙව් – 5.76
පාකිස්තානය – 5.53
ඉන්දියාව – 5.33
ද. අප්‍රිකාව – 5.18
නවසීලන්තය – 5.01
ඇෆ්ගන් – 4.37
ශ්‍රීලංකාව – 4.22

මැදපෙළ පිතිකරුවන්ගේ නීරස පිතිකරණය මේ අවාසනාවන්ත තත්වයට පාර කිව්වා නොවේද?

ද.අප්‍රිකා තරගයේදී මැදපෙළ පිතිකරුවන්ගේ ප්‍රහාරාත්මක වේගය බලන්න.
:කුසල් මෙන්ඩිස් – 45.09
:මැතිව්ස් – 37.93
:ධනංජය සිල්වා – 58.53
:ජීවන් මෙන්ඩිස් – 39.13
පංකාදුයි.. මේ “ඒක පුද්ගල” නීරස පහරදීම් කණ්ඩායම නම්වූ “බහු වචනයට” බලපාන්නේ කොහොමද? ඒක මෙහෙමයි..

ද.අප්‍රිකා තරගයේදී ශ්‍රීලංකා ඉනිමේ පන්දු 183ක්ම නිළකුණු පන්දු. තේරෙන සිංහලෙන්ම කිවතොත් ඩොට් බෝල්ස්. ලකුණු ලබාගෙන තියෙන්නෙ පන්දු 117කින් පමණයි. තරගයක් ජයග්‍රහණය කරන්න ලකුණු 300ක් වුනත් නොසෑහෙන නවීන පන්නයේ ක්‍රිකට් මොඩියුලයට මේ හද්දා පරණ පිතිකරණ සාත්තුව සෑහේද? එදා ශ්‍රීලංකා පිතිකරුවන් එල්ල කර තිබුණේද හතරේ පහර 16ක් සහ එක් හයේ පහරක් පමණි..

මේ වගතුවක් නැති ලෑලි දැමීමේ ඩොට් බෝල්ස් පිතිකරණ සෙල්ලම පිලිබදව ගණන් හිලව් සහිතවම මාධ්‍යවේදී කාංචන දිසානායක පුවත්පතකට ලියා තිබුණේ මීට අවුරුදු සැලකිය යුතු ගණනකට පෙරාතුවය. නමුත් තවමත් මේ ඇදුම් කන වේදනාව එන්නේ ඒ පරණ තුවාලයෙන්මය.
තමන්ගේ ජාම බේරා ගැනීම පිණිස පන්දු තුන හතරකට අඹ ලෑල්ල දමා, ඊලග පන්දුවේදි යාන්තමින් ලකුණක් තල්ලු කර, නව ගොඩබිමක් සොයාගත් දේශ ගවේශකයෙකු මෙන් පන්දු යවන්නාගේ අන්තයට උජාරුවෙන් ගොඩබාන පිතිකරුවන් පිලිබදව තරගයෙන් පසු දිමුත් පවා නොකියා කිව්වා නොවේද? ජාතික ධජයේ සිංහ සෙයියාවට ගැළපෙන පිතිධාරීන් පිටියට වාර්ථා කරන තුරු ප්‍රශ්ණය එහෙම්මම පවතිනු ඇත.. නේද ප්‍රිය ක්‍රීඩාලෝලී හිතවතුනි…?

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.